May 14, 2024

බැසිල් ඇතුළු සිව්දෙනාට ඇප 

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 04ක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය.

ඇපකරුවන් දෙදෙනෙකු රජයේ සේවකයන් විය යුතු බවටත්, ඇප කරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටත් කොන්දේසි පනවා ඇත.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් ඇප ඉල්ලා සිටියද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා නීතිඥවරුන් මහාධිරණයට ඇප අයදුම්පත් යොමුකර තිබුණි.

ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් සැකකරුවන්ට ඇප නියම කළ අතර ඔවුන්ට විදේශගතවීම තහනම් කරනු ලැබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 June 2015 08:10