May 14, 2024

පාසල් සිසුවාට වන අලි ප්‍රහාරයක් - ප්‍රදේශවාසීන් නොසන්සුන් (Photos)

අද උදෑසන තලාව, මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහර දීමට ලක්වීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලැබීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ මොරගොඩ ප්‍රදේශය අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදෙන බවට වාර්තා වේ.
 
අද (15) අළුයම මව සමඟ පාසල් යමින් සිටි පාසල් සිසුවෙකු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, මෙයින් කෝපයට පත් වූ ප්‍රදේශවාසීන් අතු සහ කොට යොදා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයෙහි යෙදෙන බව සඳහන් වේ. අනුරාධපුර පොලිසිය තත්වය සමනය කිරීමට උත්සහ ගත්ත ද පිරිස සංසුන් කිරීම අපහසු වී ඇති බව පැවසේ.
 
තුවාල ලැබූ සිසුවාගේ තත්වය බරපතල නොවන අතර ඔහුගේ අස්ථි කිහිපයක් බිඳී ඇති බවත්, ඔහු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 12:02