May 14, 2024

පළාත් ඇමැති උපුල් ඇප මත නිදහස් 

සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දකුණු පළාත් අමාත්‍ය ඩී.වී උපුල් මහතා රුපියල් 25,000 මුදල් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(15) නියෝග කළේය.

මේ අතර අධිකරණයේ අවසරයකින් තොරව ඩී.වී උපුල් මහතාට විදේශ ගමන් ද තහනම් කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරා දමන තුරු බලා සිටින බවට තිස්සමහාරාම වීරවිලදී පැවති උත්සවයකදී කළ ප්‍රකාශයක් මත සැකපිට පළාත් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

Rate this item
(0 votes)