May 14, 2024

'අත්සන් කළේ අගමැතිට එරෙහි විශ්වාසභංගයකට නොවෙයි' - තිලංග

තමන් ඇතුළු 40කට ආසන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අත්සන් තැබුවේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට නොව, ජනාධිපතිවරයාට භාරදීම පිණිස පෙත්සමකට බව නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

"අපි සියලු දෙනා අත්සන් කරන්න තීන්දු කළේ ජනාධිපතිතුමාට පෙත්සමක් ඉදිරිපත් කරන්න. නමුත් යම්කිසි පිරිසක් විසින් ඒක විශ්වාසභංගයක් විදියට ගේන්න උත්සාහ ගත්තා," යැයි නියෝජ්‍ය ඇමතිවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන අවස්ථාවක අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන බව හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)