May 14, 2024

එස්.බීට තියෙන නීතිය චන්ද්‍රිකාට නැද්ද?: බන්දුලගෙන් දෝස්මුරයක් (VIDEO)

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිදු කරන ප්‍රකාශයෙන්  අධිකරණයට අපහාසයක් වී නැද්දැයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරයි.

ගෝඨභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවීම නීත්‍යානුකූල නොමැති බව අධිකරණයේදී තර්ක කළ බවත් ඉන්පසු එම නඩු විභාගයට ගන්නා තෙක් ඔහු අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් අධිකරණයෙන් නිකුත් කළ බවත් ඔහු පෙන්වා දෙයි.

එම නියෝගය දුන් පසු හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එම විනිසුරුවරුන් ස්ත්‍රී දූෂකයින් බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවත් එස්.බී දිසානායක ඇමතිතුමා ‘අධිකරණය මොන බලු තීන්දුවක් දුන්නා‘ යැයි කළ ප්‍රකාශයට ඔහු හිරේ දැමූ බවත් හෙතෙම සඳහන් කළේය.

චන්ද්‍රිකා මෙම නඩු තීන්දු දුන් විනිසුරුවරුන් ස්ත්‍රී දූෂකයින් බවට ප්‍රකාශ කරන විට එස්.බී දිසානායකට තිබෙන නීතිය චන්ද්‍රිකාට ක්‍රියාත්මක වෙන්නේ නැද්දැයි මන්ත්‍රීවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූවේ නාවලපිටිය ප්‍රදේශයේ 13 වැනිදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 13:21