May 05, 2024

භද්‍රකාලි දේවාලයේ ති‍්‍රශූලය ඇතුළු දේවාභරණ උස්සලා  

දෙහිවල නගරයට ආසන්නයේ පිහිටි දාර්ශනිකාරාම විහාරස්ථානයේ මහා භද්‍රකාලි දේවාලය ඇතුළු දේවාල 5ක තිබූ මිල කළ නොහැකි දේවාභරණ ඇතුළු රන් ආභරණ තොගයක් සොරකම් කර ඇතැයි වාර්තා වේ.

පොලීසිය සදහන් කළේ මහා භද්‍රකාලි දේවාලයේ වටිනා ති‍්‍රශූලය ද සොරාගෙන ඇති බවයි. 

පසුගිය 10 වැනි දා අවසන් වරට දේවාලයේ පූජා පවත්වා ඇති අතර, එය යළි කපු මහතා විසින් ඊයේ (14) දිනයේදී විවෘත කර ඇති අතර ඉන් අනතුරුව දේවාලයන්හි තිබූ දේවාභරණ අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ. 

මෙම දේවාල 5 එකිනෙකට යාබදව පිහිටා ඇති බව වාර්තාවේ. එහි එක් දේවාලයක බිත්තියක් කඩා එම ස්ථානයෙන් සොරුන් ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව පොලීසිය පැවසී ය.

 

Rate this item
(0 votes)