May 05, 2024

ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම්! (VIDEO) 

නව දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය වී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ 13 වැනිදා අම්පාර දිස්ත්‍රික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම වෙනුවෙන් උත්සවයකදීය.

සෑම ප්‍රබල පක්ෂයේම බහුතරයක් සිටින දේශපාලඥයින් බඩගෝස්තරවාදීන් බවත් ඔවුන්ට යමක් කර ගැනීමට ඒ අය දේශපාලනය කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

අපි කියන ප්‍රතිපත්තිවල සිටින පක්ෂයක් හෝ නායකයින් සිටීනම් තමන් දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් බවද සරත් ෆොන්සේකා මහතා පැවසී ය.

Rate this item
(2 votes)