May 05, 2024

තෙල් සංස්ථාව පාඩුයි - මාස 3න් පසු ඉන්ධන මිල වෙනස්වන ලකුණු

තවත් මාස තුනක් ගතවන තෙක් ඉන්ධන මිල වැඩි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලංකා අයි.ඕ.සී සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් එවැනි ඉල්ලීම් ඉදිරිපත් කළ ද මිල සුත්‍රයක් සකසා ජනතාවට ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ විනිවිදභාවයක් ඇති කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පැවසීය.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බවත් පසුගිය මාස 4 හි බදු ගෙවු පසු සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 4 ක් බවත් සුරේන් බටගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)