May 05, 2024

ගෝඨාභය ඉදිරියේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමේ සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමට ඉඩ ඇති බවත් සිය සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා එක් ආසනයට පමණක් සීමාවී කටයුතු කිරීමේ දේශපාලනයෙන් ඒ අනූව ඔහු වැළකී සිටිනු ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහතාට පසුව ශ්‍රී ලංකාව තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිව ඇති බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.

පාදුක්ක ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් දේශපාලනයට නොඑන බව ප්‍රකාශ කළේ මේ නිසා යැයිද එසේ ආසන මට්ටමේ දේශපාලනයට සම්බන්ධ නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීම එහි අපේක්ෂාවක් විය හැකි බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 11:25