May 05, 2024

එජාපය සමඟ පෞද්ගලික ගිවිසුමක් නෑ - ජනපති (VIDEO)

තමන්ට එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු පෞද්ගලික ගිවිසුමක් නොමැති බවත් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (14) දඹදෙණියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරින් දැනුවත් කිරීමේ අරමුණින් ‘එක්වෙමු - ජයගමු - වැඩකරමු‘ මැයෙන් පැවති රැස්වීමකට එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේය.

‘මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක පෞද්ගලික ගිවිසුම් ගැහුවේ නැහැ. අපි පෙරමුණ හදලා පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ දින 100 වැඩ පිළිවෙළට අපි සංවිධාන 49ක් අත්සන් කළා. ඒ වැඩ පිළිවෙලේ තමයි 19 වැනි සංශෝධනය ඒ වැඩ පිළිවෙළේ තමයි 20වන සංශෝධනය ඒ තුළ රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය මේවා ඇතුළත් වුණා. දැන් ඒ කාර්යභාරයේ මට කළ හැකි කොටස ගෙවි ගිය මාස කිහිපය තුළ පාර්ලිමේන්තුවේ සහයෝගයෙන් අපි යම් ප්‍රමාණයකට රටේ ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්.‘

‘බොහොම පැහැදිලිව කියන්න ඕන ලෝකයේ පරිවර්ථනයන් කරන්න ගිය හැම දේශපාලන නාය‍කයෙකුටම බරපතල අභියෝග ඇති වුණා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලය ඇමතිවරු වර්ජනය කළා. අවුරුදු තුන හමාරට වැඩ වර්ජන 400 ගානක්. මේක සමාජ පරිවර්තනයන් කරන දේශපාලනඥයින්ට උරුම වුණ දෙයක්. හැබැයි ඒ පරිවර්ථනයන්ට අවශ්‍යය නායකත්වය දෙන දේශපාලනඥයෝ ඒ වෙඩි උණ්ඩවලටවත් බෝම්බවලටවත් බය වෙන්නේ නැතිව ජනතාවගේ සහයෝගය අරගෙන ඒ පරිවර්තනයන් ලෝකයේ සිද්ධ කරලා තියෙනවා. ඒක නිසා මේ රටේ ඒ පරිවර්තනයන් කළ යුතුමයි.‘ යැයි ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

Rate this item
(0 votes)