May 05, 2024

බණ්ඩාරගම මෙට්ට කර්මාන්ත ශාලාවක ගින්නක්

බණ්ඩාරගම ගම්මන්පිල ප‍්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(14) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

කොළඹ සහ දෙහිවල ගල්කිස්ස යන පළාත් පාලන ආයතනවල ගිනි නිවන ඒකකද ගින්න නිවා දැමීම සඳහා එම ස්ථානයට කැඳවා ඇතැයි පොලීසිය පැවසී ය.

ගින්නෙන් කිසිදු ජීවිත අනතුරක් සිදුව නැති අතර මෙට්ට සහ රථ වාහන කිහිපයකට ගින්නෙන් හානි සිදුව ඇත.

ඡායාරූප - ලංකාදීප

 

Rate this item
(0 votes)