May 05, 2024

ටියුෂන් ගුරුවරයා අවුරුද්දක් සිසුවෙකු අපයෝජනය කරලා

15 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

කළුතර දකුණ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වසරක පමණ කාලයක් එම ගුරුවරයා විසින් මෙම දරුවා අපයෝජනයට ලක්කර ඇති බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම දරුවා වෛද්‍ය පර්යේෂණයක් සඳහා කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.

Rate this item
(0 votes)