May 08, 2024

පෞද්ගලික රෝහල්වලින් රෝගීන්ට සවිස්තරාත්මක බිලක් 

පෞද්ගලික රෝහල්වල නතරවී ප්‍රතිකාර ලබන රෝගීන්ට සවිස්තරාත්මක බිල් ලබන නොවැම්බර් 01 වැනිදා සිට නිකුත් කරන ලෙස පාරිභෝගික අධිකාරිය නියෝග කර තිබේ.

එසේ නොකරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පවසයි.

ඖෂධ සපයන වෛද්‍ය සේවා හා ඖෂධ ඇතුළු සියලු දෑ අඩංගු සවිස්තරාත්මක බිල් ලබාගැනීම රෝගීන්ගේ අයිතියක් බවද ඔහු පැවසී ය.

 

Rate this item
(0 votes)