May 08, 2024

රජයේ වැඩ ගැන මාධ්‍ය ලේකම්වරුන්ට විද්වත් කතිකාවක් 

"ජාතික සංවර්ධනයේ දී මාධ්‍ය ලේකම්වරුන්ගේ කාර්යභාරය" මැයෙන් විද්වත් කතිකාවක් ලබන 16 වැනි දා පෙරවරු 9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

මෙම කතිකාව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාගේ සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම කතිකාවට සම්පත් දායකයින් ලෙස ප්‍රවීණ ලේඛක තිඹිරියාගම බණ්ඩාර මහතා හා ප්‍රවීණ මධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා  සහභාගී වේ. 

රජයේ තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ලෙස ප්‍රචාරණය කර ගැනීම, මාධ්‍ය ලේකම්වරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අතර පවත්නා සම්බන්ධතාවය වැඩිදියුණු කර ගැනීම, රාජ්‍ය තොරතුරු සන්නිවේදනයේ දී පවත්නා විවිධ තාක්ෂණික ගැටලු හඳුනා ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වේ.

Rate this item
(0 votes)