May 08, 2024

හිමිනමක් ගිනි තබාගනී

මදුනාගල ආරණ්‍ය සේනාසනයට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී  භික්ෂූන්වහන්සේ කෙනෙකු  සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන  තිබෙන බවට වාර්තා වේ.
 
මිල්ලෑව ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක වැඩ සිටි 69 හැවිරිදි හිමිනමක් මෙසේ අපවත් වී ඇති අතර ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
පශ්චාත් මරණ පරික්ෂණය හම්බන්තොට රෝහලේදී සිදුකිරිමට නියමිත යි. අම්බලන්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 19:00