May 08, 2024

ඩයස්පොරාව සමඟ කල සාකච්ඡා ගැන මංගල කියයි

ජගත් දෙමළ බල මුළුව සමඟ විදේශ අමාත්‍යවරයා පසුගියදා ලන්ඩනයේ දී පැවැත්වූ සාකච්ඡා පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයකට ලක් විණ.
 
දෙමළ ඩයස්පොරාවට අයත් මෙම සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනමට ද ලක්ව ඇති අතර විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලන පක්ෂ විසින් ද මෙම සිදුවීම දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබිණ.
 
මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරන විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ජගත් දෙමළ බල මුළුව සමඟ තමා පවත්වන ලද සාකච්ඡා "රට යළිත් ප්‍රචණ්ඩ තත්වයකට ඇද වැටීමෙන් වැළකීමට හේතු වෙන" බව යි.
 
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා ප්‍රකාශ කළේ ත්‍රස්ත විරෝධී නීති යටතේ අත්අඩංගුවේ තබා ඇති දෙමළ සැකකරුවන් පිළිබඳවත් ලන්ඩන් සාකච්ඡාවලට ඇතුළත් වූ බවයි.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 18:48