May 08, 2024

මිනී මැරුවාට එකම පවුලේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට

ඊයේ (12) පස්වරුවේ කළුතර, දොඩන්ගොඩ සියඹලාගහ ලැයිම ප්‍රදේශයේ දී  මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත්අඩංගුවට ගත් සොයුරන් දෙදෙනා 17 හැවිරිදි සහ 13 හැවිරිදි ළමුන් වන බව සඳහන් ය.
 
අසල්වැසි නිවසක පදිංචි මියගිය 42 හැවිරිදි පුද්ගලයා ආහාර ගත් බඳුන සෝදා ඉඳුල් වතුර එළියට වීසි කිරීමේ දී සැකකාර සොයුරන් දෙදෙනාගේ මවගේ ඇඟට වැටී ඇත.
 
පසුව ඒ සම්බන්ධයෙන් හටගත් ආරවුලක් අවසානයේ දී මෙම පහර දීම සිදුව තිබේ. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ අසල්වැසියා ජීවිතක්ෂයට පත්ව ඇත.
 
දොඩංගොඩ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකාර සොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
දොඩංගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 15:05