May 08, 2024

අධිවේගී මාර්ගයේ එකම මොහොතේ අනතුරු 2ක්

අද (13) උදෑසන 6.45ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි එකිනෙකට ඉතා සමීප ස්ථාන දෙකක දී රිය අනතුරු දෙකක් සිදුවී තිබේ. මෙම අනතුරු දෙකම එකම වේලාවක් තුල සිදුවීම විශේෂයකි.
 
මෙම ද්විත්ව අනතුරු සිදුව ඇත්තේ උතුරු කළුතර පොලිස් වසමට අයත් 1/22 කිලෝමීටර් කණුව ආසන්නයේ ය.
 
මෙම අනතුරු දෙකම එකම ආකාරයෙන් සිදු වී ඇත. ඒ මෝටර් රථ දෙකම ආරක්ෂිත වැටෙහි ගැටීමෙනි.
 
අනතුරුවලින් කිසිවෙකුටත් හානි සිදු වී  නොමැති අතර මාතර සිට කොළඹ බලා දෙසට ධාවනය වූ මෝටර් රථය ගැටුණු ස්ථානයේ ආරක්ෂිත වැටට හානි සිදුව ඇති බවට වාර්තා වේ.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 14:20