May 08, 2024

'20 ගැන පැහැදිළි නෑ' - සුමන්තිරන් 

ඊයේ(12) කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සැදුම්ලත් නව මැතිවරණ ක්‍රමය ගැන කිසිදු ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

එම ක්‍රමය යටතේ ආසන පිළිබඳ පැහැදීමක් තිබුණද එම මැතිවරණ ක්‍රමය පිළිබඳ පැහැදිළි නැති බවත් ඒ නිසා ඒ පිළිබඳ කිසි දෙයක් කිව නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සැදුම්ලත් නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 10:41