May 11, 2024

ඊයේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත් නෑ... විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් නෑ. ඔක්‌කොම මාතර ගිහිල්ලා

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත් නෑ... විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් නෑ. ඔක්‌කොම මාතර ගිහිල්ලා යෑයි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (12දා) පාර්ලිමේන්තුවේදී කීය.

සභාගැබෙහි විපක්‍ෂ මන්ත්‍රී ආසන හිස්‌ව තිබීම නිසා ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එසේ කියද්දී මුලසුනේ සිටි කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා, එක්‌කෙනෙක්‌ ඉන්නවා යෑයි කීය. 
ඒ විපක්‍ෂයේ අසුන්ගෙන සිටි ඩිව් ගුණසේකර මහතා පෙන්වමිනි.
මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ සිටි මංගල සමරවීර මහතා "ඔබතුමාත් මාතර මමත් මාතර. මාතර දෙන්නා මෙහේ. මෙහේ කට්‌ටිය මාතර යෑයි ඩිව් ගුණසේකර මහතාට සිනාසෙමින් කීවේය.

Rate this item
(0 votes)