May 12, 2024

20ට පෙරටුගාමී පක්ෂය විරුද්ධයි

යෝජිත විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට තම පක්‍ෂය විරුද්ධ බව, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කොට තිබේ.
 
විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ස්‌ථාපිත කිරීමට යෝජනා කර ඇති නව මැතිවරණ ක්‍රමය, පාලකයාගේ බලය තහවුරු කරන, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරන ව්‍යාපෘතියක්‌ බව ද ඔහු සඳහන් කොට ඇති අතර මෙම යෝජිත ක්‍රමය තුළින් ජනතාවගේ බලය ස්‌ථාපිත නොවන බව ද ප්‍රකාශ කළ ජයගොඩ මහතා තව දුරටත් කියා ඇත්තේ මෙම ක්‍රමය ඉතා ව්‍යාකූල බව යි.
 
මෙම යෝජිත ක්‍රමය තුළින් අපේක්‍ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය කිරීමට, වත්කම් බැරකම් පාලනයට, මැතිවරණ සමයේ මාධ්‍ය පාලනය කිරීමට හෝ ප්‍රතිපාදන නැති බවත් ප්‍රායෝගික ප්‍රශ්න රැසක්‌ ඇති බවත් ජයගොඩ මහතා ප්‍රකාශ කොට තිබේ.
 
Rate this item
(0 votes)