May 12, 2024

එජාපය තුළ 20 ට විරෝධයක් පැන නැගලා

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 237ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩය ඊයේ (12) අනුමත කළ යෝජනාවට අනුව දැනට තිබෙන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර 225 , 237ක් දක්වා වැඩි කිරීමට නියමිතය. අදාළ මන්තී‍්‍ර ධුර සඳහා කොට්ඨාස ක‍්‍රමයෙන් 145දෙනෙකු , දිස්ති‍්‍රක් සමානුපාත ක‍්‍රමයෙන් 55දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් 37දෙනෙකු වශයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමටද නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව වැඩි කිරීමේ මෙම යෝජනාව ජනතා කැමැත්තට පටහැනි බවයි එක්සත් ජාතික පක්ෂයේ අදහස වන්නේ. ඊයේ රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවද අදාළ යෝජනාවට විරෝධය පළ කිරීමට තීරණය කළේ ඒ අනුව බවද එජාපය පවසයි. පවතින මත ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරිය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

මේ පිළිබඳව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇත්තේ මෙහි ඇතුළත් මන්තී‍්‍රවරුන් තෝරා ගැනීමේ ක‍්‍රමයට තමන් විරුද්ධ නොවන බවයි එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය අදාළ යෝජනාව පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඊට විරෝධය පළ කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය ඊයේ(12) අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි. නව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන් අපේක්ෂා කළ යෝජනාව නොවූවත්, පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට වඩා යහපත් යෝජනාවක් බව එම සන්ධානය ප්‍රකාශ කරයි. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 10:00