May 12, 2024

පෝය 04 ක් ගෙවූ පසු මහින්ද යළි බලයට

‘මහා සටන අරඹන්න - මාතරට රොක්වන්න’’ යන මැයෙන් විපක්‍ෂයේ කණ්ඩායම් කිහිපයක් එක්ව මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී සංවිධාන කර තිබූ රැළියේදී රැස්වීම ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ පෝය 04කට පසු මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නායකත්නයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තුවන බවයි.

මීට පෙර විපක්‍ෂය සංවිධාන කළ මෙවැනි රැළිවලට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මෙම රැළියට එක්ව සිටීම විශේෂත්වයක්. කුරුණෑගලදී පැවති රැළියට සහභාගි වී සිටි මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 55 කට ආසන්නයි.

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මාතරදී පැවැත් වූ මෙම රැළිය අසලට පැමිණිම පිළිබඳව අදහස් දැක්වූ  පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ "එසේ පැමිණෙමින් අප දිරිමත් කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට ‍බොහෝම පිං" යැයි යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා වේදිකාව අසළින් යද්දී රැස්ව සිටි ජනතාව මහත් ඕනෑකමින් ඒ දෙස බලමින් ඔහුට ආචාර කරන අයුරුද දැක ගත හැකි විය.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට ‍ගොඩ නොවි ජනතාවට සමුදෙමින් ආපසු යන්නට ගියේය. යළිත් රැලිය ඇමතු ගම්මන්පිල මහතා කියා සිටියේ  යම පාලනයට ඇති එකම ප්‍රශ්නය පැරදුණු මහින්ද ජනතාව අත්නොහැරීම බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 22:30