May 11, 2024

නි.කතානායක සමග ඉහළ එසවුණු දොඹකරය උඩදී අක්‍රීය වෙයි (Photos)

දොඹකරයක ආධාරයෙන් ඉහලට ගොස් සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ ගාලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් අද (12) එකී  අදාල යන්ත‍්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි බිමට බැසීමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දොඹකරයට වී උඩු ගුවනේ ගත කරන්නට සිදු විය.

ගාල්ල, යක්කලමුල්ල කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවීම සඳහා මෙලෙස දොඹකරයේ ආධාරයෙන් ඉහළට ගිය අතර එහිදී අදාළ විහාරස්ථානයේ ස්වාමීන්වහන්නේ, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි සහ ගාලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් විය.

පසුව යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් සහ එම උත්සවයට පැමිණ සිටි පිරිස එක්ව ඔවුන් පහතට ගැනීම සඳහා ඉනිමං තනා කටයුතු කළ බවයි සඳහන් වන්නේ. ඉනිමගවල් සහ කඹ යොදා ගනිමින් කොත පැළඳවීමට සහභාගි වී සිටි විහාරාධිපති හිමියන් පළමුව ද ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායවරයා ද යන්ත‍්‍රයෙන් බිමට බැස්සවීමට රැස්ව සිටි පිරිස පියවර ගත්හ.

පසුව යන්ත‍්‍රය යලි ක‍්‍රියාත්මක වීම හේතුවෙන් යන්ත‍්‍රයේ ආධාරයෙන්ම බිමට බැසීමට රමේෂ් පතිරණ මහතාට ඉඩ සැළසුනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 21:18