May 07, 2024

අධිවේගී මාර්ගයේ ජිප් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් අද (12) දහවල්  ගිනි ගැනීමකට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.
 
කොට්ටාවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මෙම සිද්ධිය සිදු වී ඇති අතර අධිවේගී මාර්ගයේ ආරක්ෂාව භාරව කටයුතු කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී එය නිවා ඇත.
 
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති බවට වාර්තා වේ.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 16:46