May 06, 2024

'මාතර රැළියට මම යන්නේ නෑ' - සනත් ජයසූරිය කියයි

“මහින්ද සමග නැගිටිමු” යනුවෙන් අද(12) මාතර පැවැත්වෙන රැළියට තමා සහභාගී නොවන බව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

තමා එම රැළියට සහභාගී නොවන්නේ නියෝජ්‍ය අමාත්‍යධූරයක් ලබා ගත් නිසා නොවන බවත් එම රැළියේ සංවිධායකයින්ට තමා සහභාගී නොවන බව ඇමති ධූරයට ලබා ගැනීමට පෙරම දන්වා තිබූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ඇමතිධූරයක් ලබා ගැනීම නිසා තමන් එම රැළියට නොයන බවට පැතිරෙන කතා අසත්‍ය බවත් එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අද මාතර රැළිය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ වුවද  තමා එම රැළියට සහභාගී නොවන නිසා ක්‍රීඩාංගණයේ නම භාවිත නොකරන බවද සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(1 Vote)