May 07, 2024

නාමල්ගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරක් පමණ කාලයක් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 1.45 පමණ දක්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත. 

එම පරීක්ෂණ සඳහා සිය සම්පූර්ණ සහයෝගය පොලිසියට ලබාදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවූ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු පිස්තෝලයක් රැගෙන ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)