May 06, 2024

දියවන්නාවේ මළ සිරුරක්

වැලිකඩ පොලිසියට ලද තොරතුරකට අනුව වැලිකඩ, කලපලුවාව ප්‍රදේශයේ දියවන්නා ඔයේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
 
මියගිය පුද්ගලයා මාළඹේ, තලාහේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
 
වැඩිදුර පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා ගවයින් රැගෙන පැමිණෙමින් සිටිය දී දියවන්නා ඔයේ ඇළ මාර්ගයකට වැටීමෙන් අනතුරට ලක්ව මියගොස් ඇති බව යි.
 
වැලිකඩ පොලිසිය සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරයි. 
 
Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 13:26