May 07, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 237 දක්වා ඉහළට - 20ට කැබිනට් අනුමැතිය 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 237කින් සමන්විත 20වන ව්‍යවස්ථා  සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

එම 20වන ව්‍යවස්ථා  සංශෝධන කෙටුම්පතට අදාල ගැසට් පත්‍රය අද නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසී ය.

20 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (12) පෙරවරුවේ විශේෂ ඇමැති මණ්‌ඩල රැස්‌වීමක්‌ කැඳවා තිබිණි.

පසුගිය 08 වැනිදා පැවති හදිසි කැබිනට්‌ සාකච්ඡාවේදී මන්ත්‍රීධූර 255 කින් සමන්විතව සකස්‌ කර තිබූ නව මැතිවරණ ක්‍රම යෝජනාව වෙනස්‌ කර එජාපය විසින් ඉදිරිපත් කළ ඡන්ද කොට්‌ඨාස 125 ක්‌ හා මන්ත්‍රී ධුර 225 ක්‌ වන යෝජනාව බහුතර කැමැත්ත මත ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කරන ලදී.

නමුත් එම තීරණයට කුඩා දේශපාලන පක්‍ෂ රැසක විරෝධය එල්ල වෙමින් පවතී. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 June 2015 10:28