May 06, 2024

මහින්ද දිනවන රැළියට සියල්ල සූදානම් - බාධා රැසක් ආවා මනූෂ කියයි (PHOTOS)  

"මහින්ද සමඟ රට දිනවමු" ජනරැලි මාලාවේ පස්‌වැන්න එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (12) සවස 3.00ට මාතර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.  

මෙම රැස්වීම සංවිධානය කිරීමේදී බාධක කම්කටොලු නොයෙකුත් මාධ්‍ය වාරණ පොලීසියේ බාධක පැමිණි බවත් ඇතැම්විට විවිධ හිර කිරීම්වලටද ඇතැම් පුද්ගලයින් පත් කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

බොහෝ වෙලාවට ඇමතිකම් දීමට පොරොන්දු වී ඇතැම් මන්ත්‍රීවරුන් හිර කිරීමේ වැඩපිළිවෙලක් පවතින බවත් ඇතැම් මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකම් ලබා ගැනීමට ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ විසින් මෙම ජනරැලි මාලාව සංවිධානය කෙරේ. 

මෙම ජන රැළියේ සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Rate this item
(3 votes)