May 06, 2024

මහින්දගේ ආරක්ෂකයෙකු පැදවූ ජීප් රිය පොලිස් භාරයට (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකු පැදවූ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරක් කර සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

එහි හිමිකරු සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් නිවසක තාප්පයකට සහ පොදු දේපළ කිහිපයකට හානි සිදුවූ අතර අනතුරින් පසුව ජීප් රථය එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති අතර පසුව රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ, වීරකැටිය ප්‍රදේශයේ ඉඩමක තිබියදී බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා එම රථය පදවාගෙන ගිය ද එහි හිමිකරු නොදන්නා බව පොලීසියට ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)