May 06, 2024

ජ‘පුර ගැටුමට හේතුව පෞද්ගලික ආරවුලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය ඊයේ (11) සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව පාලන අධිකාරිය පවසයි.

විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර දෙකක 10 වැනි දා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මෙම ගැටුමට හේතුවී ඇත්තේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉසුරු එරන්ද මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

කෙසේ වෙතත් වෛද්‍ය පීඨයේ හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදිම සිදුවන බව වාර්තාවේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 10:48