May 06, 2024

නාමල් දැන් රහස් පොලීසියේ (PHOTOS) 

ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

පසුගිය අප්‍රේල් මාසයේදී අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවූ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු පිස්තෝලයක් රැගෙන ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගනිමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 13:58