May 06, 2024

නාමල් අද රහස් පොලීසියට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවත් ප්‍රකාශය ලබාගැනීමට කිසිදු හේතුවක් සදහන් කර නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා පසුගිය 08 වැනිදා සිය ෆෙස්බුක් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ එවන් කැඳවීමක් සිදු කර ඇති බව තමන්ට දැනුම් දී නොමැති බවයි.

ජනතාව අතර බොරු ප්‍රචාරයක් ඇති කිරීමේ අරමුණින් එවැනි Tweet පණිවුඩ ඔහු විසින් මීට පෙර ද පළ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 09:37