April 28, 2024

ජනපති විශේෂ ඇමැති මණ්‌ඩල රැස්‌වීමක් කැඳවයි‌ 

20 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (12) විශේෂ ඇමැති මණ්‌ඩල රැස්‌වීමක්‌ කැඳවා තිබේ.

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට යෝජනා කිහිපයක්‌ ඉදිරිපත්ව තිබීම නිසා සියලු කාරණා පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගිය 08 වැනිදා පැවැති හදිසි කැබිනට්‌ සාකච්ඡාවේදී මන්ත්‍රී දුර 255 කින් සමන්විතව සකස්‌ කර තිබූ නව මැතිවරණ ක්‍රම යෝජනාව වෙනස්‌ කර එජාපය විසින් ඉදිරිපත් කළ ඡන්ද කොට්‌ඨාස 125 ක්‌ හා මන්ත්‍රී ධුර 225 ක්‌ වන යෝජනාව බහුතර කැමැත්ත මත ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම තීරණයට මේ වනවිට කුඩා දේශපාලන පක්‍ෂ රැසක විරෝධය එල්ල වෙමින් පවතී. 

කෙසේ වෙතත් අද දිනයේදී 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළැඹුණහොත් හෙට (13) එය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 12:46