April 28, 2024

ජනපති නියමයෙන් 'ජාතික පුෂ්පය' ඉදිරියට හඳුන්වන්නේ මෙහෙමයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන මානෙල් මල හැඳීන්වීමේදී එය නිවැරදිව හැඳින්වීම සඳහා  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජාතික පුෂ්පය සිංහල භාෂාවෙන් 'මානෙල්' ලෙසද දෙමළ භාෂාවෙන් 'නීලෝත්පලම්' ලෙසද ඉංග්‍රීස් භාෂානේ 'Blue Water Lily' ලෙසද හඳුන්වනු ලැබීමටත්, ජාතික පුෂ්පය පිළිබඳව සඳහන් කරන සෑම අවස්ථාවකම ඊට අදාළ නිවැරදි රූපය හා නිවැරදි විද්‍යාත්මක නාමය වන 'Nymphaea stellata' යන්න යොදා ගැනීමටත්, ජාතික පුෂ්පයේ නිවැරදි නාමය හා රූපය පිළිබඳව ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දෙමින් ඒ පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටත් ජනපතිවරයා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙට තිබේ. 

මහජනතාව ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් විද්වතුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කමිටුවක් විසින් ලබාදෙන ලද නිර්දේශ මත පදනම්ව 'මානෙල්' මල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වශයෙන් 1986 දී ප්‍රකාශයට පත් කර ඇත. 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 June 2015 20:30