April 28, 2024

වාස් රිමන්ඩ් කර වසර දෙකක් ගිහින්

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා ලැබ වසර දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අද (11) ඉල්ලීමක් කළහ.

ඇප පනත අනුව පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ රඳවා ගත හැක්කේ වසර 2ක කාලයක් වන නිසා තම සේවාදායකයින් තව දුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම නීති විරෝධී බව කියමින් ඔවුන් ඇප මත මුදාහරින්නැයි එහිදී වැඩි දුරටත් ඉල්ලා සිටියහ. නඩු විභාගය ලබන 15 වැනිදාට කල් තැබිණි.

Rate this item
(1 Vote)