April 28, 2024

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර කෝලිත ගුණතිලකට

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා 'ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි' තනතුරට පත්කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 16 වැනිදා සිට නව පත්කිරීම ක්‍රියාත්මක වන බව ගුවන් හමුදාව පවසයි.

එයාර් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක මහතා 14 වන ගුවන් හමුදාපති ලෙස 2014 පෙබරවාරි මස 28 වන දින සිය රාජකාරී කටයුතු බාරගෙන ගත් අතර ඔහු ශාන්ත තෝමස් බණ්ඩාරවෙල සහ කොළඔ රාඡකීය විද්‍යාල වල දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වේ.

 

Rate this item
(0 votes)