April 27, 2024

ටිරාන් අලස් 29 තෙක් අත්අඩංගුවට ගන්න බෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ලබන 29 වැනි දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීපතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි කැඳවා තිබූ අතර අද මෙම පෙත්සම විභාගයට ගැණුනේ රෝහිණී මාරසිංහෙ, උපාලි අබේරත්න සහ බුවනෙක අලුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ය.

උතුරු නිවාස ඉදි කිරීම සඳහා පිහිටැවූ රාඩා ආයතනයේ සිදුවීයැයි කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි. ටිරාන් අලස් මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර රාඩා ආයතනයෙන් එකම නිවසක්වත් ඉදි නොකළ බව ද, එම මුදල් කොටි සංවිධානයට දී ඇතැයි ද පොලිසිය පවසයි.

Rate this item
(0 votes)