April 28, 2024

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව අගෝස්තු 6ට කල් යයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අගෝස්තු මස 6 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
 
නඩුවේ විත්තිකරුවෙකු වන ජානක ප්‍රියන්ත ගලබොඩ නමැති පුද්ගයා සොයාගැනීමට නොහැකි වී ඇති බැවින්  ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බව රජයේ නීතීඥවරයා දැනුම් දී ඇත.
 
මේ හේතුවෙන් ඊට අදාළ සාක්ෂි විමසීම සඳහා නඩුව අගෝස්තු මස 6 වනදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් නියම කර ඇති බව සඳහන් වේ.
Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 15:40