May 08, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මහපොළ ශිෂ්‍යාධාර සංඛ්‍යාව ඉහළ නංවා ඇතැයි සිදු කරන ප්‍රකාශ සාවද්‍යයි - නජිත් ඉන්දික

මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමේ සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවට සිදු කරන ප්‍රකාශ සාවද්‍ය බවත් රජය කළ යුත්තේ මහපොළ ශිෂ්‍යාධාර සංඛ්‍යාව නොව මහපොළ සඳහා ලබා දෙන මුදල වැඩිකිරීම බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මහපොළ ශිෂ්‍යාධාර මුදල අවම වශයෙන් රුපියල් 5000කින් ඉහළ නැංවිය යුතු බවට විශ්වවිද්‍යාල සිසුන් කළ ඉල්ලීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළි ගෙන නොමැති බවත් 2005 වර්ෂයේ සිට ලබා දෙන රුපියල් 2500ක ශිෂ්‍යාධාර මුදලින් වර්තමානයේ සිසුන්ගේ වියදම පියවා ගැනීමට නොහැකි වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව මේ වසරේදී 2000කින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතාගෙන් අප කළ විමසීමකදී පැවසූවේ මෙම මහපොළ ශිෂ්‍යත්වය සඳහා ලබා දෙන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කර නොමැති බවත් මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල විසින් ලබාදෙන මෙම ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවත්ය.

2013 වර්ෂය වන විට විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් 45,000කට පමණ මහපොල ශිෂ්‍යත්ව පිරිනමා ඇති අතර ඉදිරි වර්ෂයේ දී එම ශිෂ්‍ය සංඛ්‍යාව 47,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට මහපොල ශිෂ්‍යත්වය හිමිව ඇත්තේ විශ්වවිද්‍යාලට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයකටයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 March 2014 17:28