May 04, 2024

තවත් 150 කට ද්විත්ව පුරවැසිභාවය 

විදේශ කටයුතු අමාත්‍යාංශය හා මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව ද්විත්ව පුරවැසිභාව සහතිකපත් ප‍්‍රදානෝත්සවය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී අද (11)පැවැත්විණි.

මෙහිදී 150 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ සිදුවිය.

එහිදී අදහස් දක්වමින් මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසූවේ මීට පෙරාතුව මෙම වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ 200 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදුන් බවත්, තවත් 641 දෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටින බවත්ය.

පැවති රජය 2011 වසරේදී පැවති රජය විසින් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරන ලද බවත්, ඔවුන්ගේ දේශපාලන හිතවතුන් සීමිත පිරිසකට පමණක් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්විත්ව පුරවැසිභාවයේ දොරගුළු විවර කළ බවත්, සියලුදෙනාටම මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සදහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, ආගමන විගමන පාලක ජෙනරාල් එම්.එන්. රණසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් චිත්‍රාංගනි වාගීස්වර මහත්මිය හා මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අතිරේක ලේකම් චුලානන්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Rate this item
(1 Vote)