May 04, 2024

'No Fire Zone' අයර්ලන්ත පාර්ලිමේන්තුව තුල ප්‍රදර්ශනය කෙරේ

කැලම් මැකරේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ආන්දෝලනාත්මක 'No Fire Zone' චිත්‍රපටය ඊයේ දින (10) අයිරිෂ් පාර්ලිමේන්තුවේදී ප්‍රදර්ශනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර සිටී.
 
චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම හා ඊට අදාළ වැඩමුළුව සංවිධානය කර ඇත්තේ අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් මර්ෆි වීසින් වන අතර මැකරේට අමතරව එම අවස්ථාවට ශ්‍රී ලංකා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ රෝහිත භාෂණ අබේවර්ධන හා ශ්‍රී ලංකාව පිලිබඳ ගවේෂණාත්මක මාධ්‍යවේදී ෆිල් මිලර් ද සහභාගී වී ඇතැයි පැවසේ. 
 
LTTE සංවිධානය හා ශ්‍රී ලංකා හමුදාවන් අතර පැවති යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී ඇතැයි පැවසෙන යුධ අපරාධ පිලිබඳ සඳහන් කරමින් මෙම 'No Fire Zone" චිත්‍රපටය නිපදවා ඇත.
 
 
Rate this item
(0 votes)