May 04, 2024

'මහින්ද පාර්ලිමේන්තුවට නොපැමිණිය යුතුයි' - ඇමති අමීර් අලි 

අනාගතයේ මහින්ද රාජපක්ෂ මහතා තවත් වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමට උදව් කරන ජනතාව සිටිය යුතු නැතැයි නිවාස ඉදිකිරීම් හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්.එම්. අමීර් අලි මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) කාත්තාන්කුඩි ජාමියුල්ලාෆිරීන් සුසාන භූමිය පුනරුත්ථාපනය කිරීම ආරම්භ කිරීමේදී අවස්ථාවට එක්වෙමිනි.

මෙම ප්‍රදේශයේ සිටින සමහර දේශපාලඥයින් මෙරටේ යහපාලනය නොපැමිණිය යුතු බවත් මහින්ද ජනාධිපති විය යුතු බව දැඩි ලෙස උත්සහ කල නමුත් දෙමල මුස්ලිම් ජනතාව එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් බවත් ඔහු සඳහන් කළේය.

මඩකලපුව - ජවුෆර්කාන්

 

Rate this item
(0 votes)