May 04, 2024

'පෝට් සිටි' ගැන හොයන්න ලාල්කාන්ත ගල්කිස්සට යයි

ඉදිකරමින් පවතින පෝට්සිටි ව්‍යාපෘතිය නිසා අසාධාරණයට ලක්වන රත්මලාන - ගල්කිස්ස වෙරළ වාසීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජවිපෙ මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් අද (11) වන දින එම ප්‍රදේශයේ සංචාරයක නිතරවීමට නියමිතය.

පසුගිය පාලන සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ සඳහා අවශ්‍ය කිසිඳු පරිසර වාර්තාවක් හෝ ලබාගෙන නොමැති බව වත්මන් ආණ්ඩුව සඳහන් කළ අතර පරිසරවේදීන්ගේ හා දේශපාලන පක්ෂවල විරෝධය හමුවේ එහි ඉදිකිරීම් මන්දගාමී කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබේ.

පෝට්සිටි හෙවත් වරාය නගර ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු පෙරළියේදීත් ඉන් පසු ආසන්න කාලයේදීත් මහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 10:56