May 04, 2024

චොකලට් පාර්සලයේ හෂීස් මත්ද්‍රව්‍ය

කූරියර් සේවාවක් මගින් එවන ලද චොක්ලට් පාර්සලයක තිබී හෂීස් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සොයා ගැනීමට හැකි වී තිබේ.

ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි  ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට එවන ලද පාර්සලයක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අදාල පාර්සලය සීදුවේ පිහිටි  ගුවන් භාණ්ඩ පර්යන්තයේදී  භාණ්ඩ නිස්කාෂණ  ඒජන්තවරයා ඉදිරිපිට විවෘත කළ අවස්ථාවේ මේ බව අනාවරණය විය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාල පාර්සලයෙහි චොකලට් කැබැලි 20ක් ඇති බවට සදහන් කර මෙරටට එවා තිබුනු බවයි. මේ පිළිබද විමර්ශණ කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීහු සිදුකරති.

 

Rate this item
(0 votes)