May 04, 2024

සියලු බලශක්ති දැන් එකම වහලක් යටින්

ඉදිරියේදී පාරිභෝගිකයාට දැරියහැකි මිලකට හරිත බලශක්තිය ලබාදීමට හැකිවන පරිදි සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසයි.

ඔහු පැවසුවේ බලශක්ති ක්ෂේත‍්‍රයේ සියලූම ආයතන එකම වහලක් යටතට එක්වීම සිදුවූයේ ප‍්‍රථම වතාවට වන අතර ඒ අනුව විදුලිය,පුනර්ජනනීය බලශක්තිය,ඛනිජ තෙල්, ඛනිජතෙල් ගවේශනය,බෙදාහැරීම මෙන්ම පරමානුක බලශක්තියද අද එකම ආයතනයක් යටතට පැමිණ ඇති බවයි.

ඔහු මෙම අදහස් පළකළේ හරිත ආර්ථිකයක් සඳහා සහයෝගය දක්වනු සඳහා දේශගුණික විපර්යාස පිළිබඳව අද පෙරවරුවේ ගාලූමුවදොර හෝටලයේ පැවති සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. 

Rate this item
(0 votes)