May 12, 2024

අගමැතිට එරෙහි විශ්වාසභංගයට ජනපති අත දමා නෑ / ජනපති යෝජනාවට කැමතිද?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු මැදිහත්වීමක් කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බැවින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් අතපෙවීමක් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ‍ලේකම්වරයා එසේ කීය. 

එසේ නම්, ජනාධිපතිවරයා මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන්නේ දැයි මාධ්‍යවේදියකු නැවත මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් යාපා මහතා සඳහන් කළේ, මැදිහත් නොවීම යනු කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස නිර්වචනය කළ නොහැකි බවයි.

Rate this item
(0 votes)