May 13, 2024

මාතර රැළියට මහින්දත්? - ඇමතිවරු 4 ක් හා මන්ත්‍රීවරු 75ක් එන බව වෙල්ගම කියයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ලබන 12 වැනිදා මාතර පැවැත්වෙන රැලියට අමාත්‍යවරුන් 4 ක් හා මන්ත්‍රීන් 75ක් පමණ සහභාගීවීමට නියමිත බව ශ්‍රීලනිප පාර්ලි‍මේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (10) විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඇතැම් විට මාතර රැලියට මහින්ද රාජපක්ෂ  මහතා සහභාගී විය හැකි බවත් එතුමා මාතර ඉපදුණ කෙනෙකු බවත් එදාට ඒ ගැන බලාගත හැකි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

එම මාධ්‍ය හමුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 58ට ලක්ෂයට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතාට රැවටී ඡන්දය ලබාදුන් ජනතාවද මාතර රැලියට එන බවයි.

 

Rate this item
(0 votes)