May 13, 2024

අධිවේගී මාර්ගයේ කොට්ටාව - කඩුවෙල කොටස දින 4කට වැසේ

දක්ෂිණ  අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ සිට කොට්ටාව අන්තර් හුවමාරුව දක්වා කොටස අද (10) මධ්‍යම රාත්‍රී 12 සිට ලබන 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දින 4ක් වසා තැබෙන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි
 
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා එම කොටස වසා තබන බවයි.
 
කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල, තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව මාර්ගය විකල්ප මාර්ග ලෙස  භාවිත කරන ලෙස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
Rate this item
(0 votes)